වැව් අද්දර ඇවිදින මං තීරු වලට රුපියල් බිලියන දෙකක්

බෙලිඅත්තේ අම්පිටිය, කඹුරුගමුව, කුරුණෑගල සහ කන්තලේ වැව් ආසන්නයේ ඇවිදින මංතීරු සහිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මහතා කියයි.
සංවිධානාත්මක කණ්ඩායම් විසින් අදාළ සංවර්ධන කටයුතුවලට විරෝධය පළ කළ ද, එම ව්‍යාපෘති අත්හිටුවීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ද. රණවීර මහතා ප්‍රකාශ කරයි..
ඔහු සඳහන් කළේ, පරිසර සංවිධාන , ආගමික නායකයින් සහ ගොවි සංවිධාන ඇතුළු පාර්ශව ව්‍යාපෘතියට විරුද්ධව සාධාරණ ලෙස කරුණු ගොනු කරන්නේ නම් නම් පමණක් ඊට යහපත් ප්‍රතිචාර දක්වන බවය.
මේ අතර පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව මත දෙකක් ප්‍රකාශ කරන අතර ඒ අතරේ දේශපාලනඥයකුගේ මුදල් බලයෙන් හැසිරෙන පිරිසක් නව සංවිධානයක නමින් ඉදිරියට ඒමක් ගැන ද තොරතුරු වාර්තා වෙයි.

කාලීන පුවත්