විකාශන අධිකාරි පනත පරාජය කරනවා

වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් ගෙන එනු ලබන්නක් නිසා එම පනතය පරාජය කිරීමට ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පැවසීය.ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුළුණ වන්නේ නිදහස් මාධ්‍ය බවත් ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය සංවරණ සහ තුළණ මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරද්දි සිව්වැනි සංවරණ සහ තුලනය ලෙස නිදහස් මාධ්‍යය ලෝකයම පිළිගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාලීන පුවත්