විද්‍යා පීඨ ශික්ෂණලාභීන් මාර්ගගත ක්‍රමයට බඳවා ගැනීම නිසා රුපියල් මිලියන දහයක ඉතුරුවක්

විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි..විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක් බවත් ඒ අනුව රුපියල් මිලියන 10ක මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවත් ඇමති වරයා පවසයි. ශික්ෂණ ලාභීන් බඳවාගැනීම සඳහා පෙර වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූ අතර මෙවර මාස 04ක් වැනි ඉතා කෙටිකලක් තුළ එම බඳවාගැනීම් කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී ය.

කාලීන පුවත්