විදුලිපුර තේ වත්තක දිවියකුගේ තුවාල සහිත මළ සිරුරක්

නෝටන් බ්‍රිජ්, විදුලිපුර ප්‍රදේශයේ තේ වත්තක තිබී තුවාල සහිතව මිය ගිය දිවියෙකුගේ සිරුරක් හමුවී තිබේ.මියගිය දිවියාගේ පිට ප්‍රදේශයේ තුවාල දෙකක් තිබී ඇති අතර, ඉදිරි දකුණු පාදය අසළින් සිදුරු වූ තුවාලයක් ද හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.මියගිය දිවියාට වයස අවුරුදු 06ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවට ආවේණික  Panthera pardus kotiya වර්ගයට අයත් සත්වයෙකු බව හඳුනා ගෙන තිබේ.දිවියාගේ මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා රන්ටැඹේ වන ජීවි පසු වෛද්‍ය කාර්යාලය වෙත යවා ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.හෝටන් තැන්න සහ ශ්‍රී පාද රක්ෂිතය තුළ වීවත් වන දිවියන් මෙලෙස වතු ජනාවාස වෙත සංක්‍රමණය වන අතර සැළසුම් සහගත ලෙස ඔවුන් මරා දැමීමේ වැඩපිළිවෙලක් දැන් කලෙක සිට ක්‍රියාත්මක වන බව පරිසරවේදීහු කියති.වතු ජනාවාස ආශ්‍රිත කුකුළු ගොවිපල වෙත මෙලෙස දිවියන් වැඩිපුර ආකර්ෂණය වන බව කියනු ලැබේ.මෙම දිවියන් විශේෂය වඳ වී යාමේ තර්ජනයකට ද මුහුණ දී තිබේ.

කාලීන පුවත්