අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.