විදුලිය සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලිය සහ සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීමේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වනු ඇත.ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇත.මේ අතර වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය සමිති පසුගියදා ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හයවන දිනටත් ක්‍රියාත්මක වන අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාට අධිකරණය විසින් වාරණ නියෝගයක් ද නිකුත් කර තිබේ.

කාලීන පුවත්