විදුලි අර්බුදය තවත් උග්‍ර අතට;හෙට පැය 4 කුත් විනාඩි 40 ක විදුලිය කප්පාදුවක්

දැනට පවත්නා විදුලි අර්බුදය තවත් උග්‍ර අතට පත් කරමින් හෙට (23) දිනයේ පැය 4 කුත් විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ,බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ විදුලිය කප්පාදුව සඳහා ඉල්ලීම් කර ඇති බව ය.ඒ අනුව ඇ, ඹ් සහ C කලාප සඳහා පැය 4 කුත් විනාඩි 40 ක් සහ අනෙකුත් කලාපවලට පැය 4 කුත් විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී ඇති බව කොමිසම පවසයි.

කාලීන පුවත්