විදුලි කප්පාදුව අදත්

විදුලි ජනනය සඳහා බලාගාර වලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද දිනයේත්  Pසිට W දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් සහ A සිට L දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.P සිට W දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.නමුදු බල ශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහතා පසුගිය දා පොදු ජන පෙරමුණු මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට සිටියේ මෙම 15 වන දා (ඊයේ) මෙරට විදුලි කප්පාදුව මුළුමනින් නතර කිරීමට හැකි වන බවය.

කාලීන පුවත්