විදුලි කප්පාදුව අදත් නිම නොවේ

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර වෙතට නොලැබීම මත අද (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කොට ඇත.නමුත් පසුගිය මාර්තු 09 වන දා බත්තරමුල්ල,නෙළුම් මාවතේ පැවති පොදු ජන පෙරමුණු මාධ්‍ය හමුවක දී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා සිටියේ විදුලි සහ ඉන්ධන අර්බුදය 15 වන අඟහරුවාදා(15) වන විට නිමා වනු ඇති බවය.නමුදු අද‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරු කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම කියයි.නමුත් මෙම විදුලි අර්බුදය සම්බන්ධයෙන් දේශපාලනඥයන්,විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම එකි`නෙකට පරස්පර ප්‍රකාශ කිරීම සහ විදුලි කප්පාදුව සිදුවන වේලාවන් තුළ විෂමතා පැවතීම මත තමන් අතිරේක දුෂ්කරතාවකට මුහුණ පා සිටින බවට විදුලි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

කාලීන පුවත්