විදුලි කප්පාදුව තෙදිනකට නවතී

අද(13) හෙට සහ අනිද්දා දක්වා දිවයින පුරා කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි සති අන්තයේ ද විදුලි කප්පාදුව අවම කිරීමට සැලසුම් කර ඇති බවයි.මේ වන විට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට ලැබී ඇති අතර ජල විදුලි උත්පාදනය ද තරමක් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්