දැවි තෙල් සහ ඩීසල් ලැබිමේ අඩුවක් පවතින තත්වයක් යටතේ වුවත් විදුලි කප්පාදුව පැය 03 යි විනාඩි 20 ක මට්ටමකින් වත් පවත්වාගෙන යාමට උත්සාහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංවන විජේසේකර මහතා කියයි.මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ යුනිට් 02 කොටස අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට දින 80ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කළ අතර අමාත්‍ය වරයා සිටියේ වසර 02ක් තිස්සේ ප්‍රමාද වූ නඩත්තු කටයුත්තක් සඳහා බලාගාරය මෙලෙස අක්‍රීය කළ බවකි.මේ වන විට මෙරට විදුලිබල පද්ධතියේ විදුලියෙන් 45%ක් පමණ ප්‍රමාණයක් ගල් අඟුරු මඟින් ජනනය කරන බවත්, අඩුවන ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් ජල විදුලියෙන් සහ ඉන්ධන මඟින් ජනනය කරගත හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා කීය.