පවතින ඉන්ධන අර්බුදය , විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් පහත වැටීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම පිළිබඳව අවසන් තීන්දුව අද ගැනීමට නියමිතව තිබේ.
මාස 03 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරිමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙරද මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබිණ.