විදුලි ගාස්තු සංශෝධනය ගැන 17 වනදා කියනවා

විදුලි ගාස්තු සංශෝධනය ගැන 17 වනදා කියනවා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ මහජන මත විමසීම් සමාලෝචනය කිරීමෙන් පසු මෙම වාර්තාව නිකුත් කරන බවයි.අධ්‍යක්ෂ ජනරාල් වරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශව කරුවන්ගේ අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමිනි.

කාලීන පුවත්