විදුලි බල,ඛනිජ තෙල්,ඉන්ධන රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා කරමින් අති විශේෂ ගැසට්ටුවක්

විදුලි බල,ඛනිජ තෙල්,ඉන්ධන රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා කරමින් අති විශේෂ ගැසට්ටුවක් විදුලි බල සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල් ප්‍රතිකාර සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින්,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අත්සනිනි.සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එම සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

කාලීන පුවත්