හිඟ විදුලි බිල්පත් මාසික වාරික වශයෙන් ගෙවීමේ දී ඒ සඳහා පොලී මුදලක් අය කරගැනීමට බලාපොරොත්තු වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.
ඒ සඳහා අය කර ගන්නා පොළී මුදල පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට ඉදිරි දිනවලදී කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
විදුලි බිල්පත ගෙවීමට හැකි ජනතාව පවා විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.