පවත්නා මූල්‍ය අර්බුදය හමුවේ විදුලි බිල ද කඩිනමින් ඉහළ නැංවිය යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කරන ලෙස අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත. විදුලිබිල වැඩි කළ යුතු ආකාරය පිළිබඳ කෙටුම් පත මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරමින් පවතියි.මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ රුපියල් 2.50ක් වන ඒකකයක් රුපියල් පහළොවක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවයි.මෙය රටේ සාමාන්‍ය ජනතාවට සේම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට ද දැඩි බලපෑමක් ඇති කරවන්නක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.