දැනට පවත්නා විදුලි බිල 75% ක් දක්වා උපරිමයකට යටත්ව විදුලි බිල ඉහල දැමීමට සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ සිදුවන නව ගාස්තු නැංවීම අනුව ඒකක 30ට අඩු විදුලි බිල් සදහා අමතරව රුපියල් 198ක මුදලක් එක් වනු ඇත.ඒකක 30-60 අතර 200% කින් එනම් විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වේ. ඒකක 60-90ත් අතර 125%කින් ගාස්තු ඉහළ නංවන්නේ විදුලි බිල රුපියල් 1461කින් ඉහල දැමීමකි.90-120ත් අතර රුපියල් 2,900ක් පමණ ප්රමාණයකින් ද විදුලි බිල ඉහළ යනු ඇත.මෙම විදුලි බිල ඉහල දැමීම හෙට(10) සිට ක්රියාතමක වනු ඇත.