විදුලි බිල අඩු වීමත් සමඟ භාණ්ඩ හා සේවා මිලේ ද අඩුවක්

මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බිල අඩු කිරීමට සාපේක්ෂව භාණ්ඩ මිල සහ සේවා ගාස්තු අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව, සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කරයි..පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල30%කින් අඩු කිරීම මත ඊයේ (20) සිට නිෂ්පාදනය කරන භාණ්ඩවලට අදාළ විදුලි පිරිවැය අඩු වී තිබෙන බවත්, එහි වාසිය ලෙස භාණ්ඩ මිල 5%ත් 10%ත් අතර මුදලකින් අඩු වන බව ද ඒ මහතා පවසයි.මේ ආකාරයට නිෂ්පාදනය කරන භාණ්ඩ සති දෙකක් පමණ වන විට වෙළෙඳ පොළට නිකුත් වන බවත්, මේ අනුව අදාළ සහනය ජනතාවට හිමිවන බවද කියා සිටියේය.මීට අමතරව කොණ්ඩා කැපීම, වාහන පිරිසිදු කිරීම වැනි සේවා සැපයීම්වල ගාස්තුව පවා ක්‍රමානුකූලව අඩු වන බවත්, විදුලි ගාස්තු අඩු කිරීම තුළින් කර්මාන්ත කරුවන්ට මේ වන විටත් යම් සහනයක් ලැබී තිබෙන බවද සඳහන් කරයි.

කාලීන පුවත්