විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධ වන ඇතැම් හිමි වරුන් ගමන් බිමන් යන්නේ කෝටි තුන හතරේ වාහන වලින්

විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධ වන ඇතැම් භික්ෂූන් වහන්සේලා ගමන් බිමන් යන්නේ කෝටි තුන හතරේ වාහනවලින් බව ‍ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ සඳහන් කරති.ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර, රුසියාවේ ප්‍රධාන සංඝ නායක (ථෙරවාද) විශ්ව සාහිත්‍ය භාෂා විශාරද, සද්ධර්ම කීර්ති ශී‍්‍ර වජිරවංශාලංකාර, සද්ධම්මාභිවෘද්ධි ජෝතක,පණ්ඩිත දර්ශන විශාරද පල්ලේකන්දේ රතනසාර අනු නා හිමියන් රුසියන් භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති අනු නාහිමියන් වෙත රුසියානු භාෂාව ඉගැන්වීම හා ප්‍රචාරණය වෙනුවෙන් කැපවූවන්. සඳහා පිරිනමන රුසියාවේ උසස්ම සම්මානය ලෙස සලකන ‘පුෂ්කින්’ සම්මානය ද හිමි වී ඇත. 1967, 1977 ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පදවිය ද හොබවා ඇති රතනසාර හිමියන් ගත වු කාලය තුළ රුසියාවේ වෛද්‍ය සභාවේ සම්මානය ද, ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්ව සංකේතය ද, රුසියාවේ ගෞරවණීය ආගන්තුක පුරවැසියා ලෙස ද සම්මානයට පත් වු එකම බෞද්ධ භික්ෂුව බවට පත්ව තිබේ.1975 සිට ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ දී ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් ලෙසද 1994 සිට අන්තර් ආගමික සාම පදනමේ ආරම්භක ලේකම් හා විවිධ තනතුරු ද ජාතික සාම මණ්ඩලයේ සම සභාපති ලෙසද, ජාතික සම්පත් සුරැකීමේ භික්ෂූ සංවිධානයේ සභාපති ලෙසද විවිධ සමාජ සංවිධාන රැසක ක්‍රියාකාරි කාර්ය භාර්යයක් ඉටු කරනු ලැබූ නාහිමියන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් තුළින්, සාමකාමීව විසඳා ගැනීමට පැවති හා පවතින රජයන් සමඟ ද ක්‍රියාශීලි වැඩ කොටසක් ඉටු කර ඇත.එමෙන්ම අප රටේ ඇතැම් භික්ෂූන් වහන්සේලා ගමන් ගන්නා වාහන වලට මාසකට ඉන්ධන වියදම රුපියල් පනස් දහසක් ලක්ෂයක් වන බවත් පැවසූ උන්වහන්සේ දාන ගෙවල්වල, හා ආදාහන පොලවල් වල මෙම අත් සුඛෝපභෝගී වාහන දැකගත හැකි බවද කියා සිටියහ.අනිත් ආගම් වල පොදු අරමුදලක් පිහිටුවා ඇතත් මෙරට විහාරස්ථාන සඳහා එවන් අරමුදලක් පිහිටා නැති බවද පැවසූ උන්වහන්සේ අනෙකුත් ආගමික පූජනීය ස්ථාන වල සිදු කරන්නක් මෙන් සියලුම විහාරස්ථානවල ආදායම ද රජයේ භාරකාරත්වයෙන් යුතු එක අරමුදලකට බැර කළ යුතු බවද කියා සිටියහ.

කාලීන පුවත්