විදුලි බිල වැඩිවීම අපිටත් අමාරුයි

විදුලි ගාස්තු වැඩිවීම ජනතාව බොහෝ අපහසුතාවට පත්ව ඇති සේම විදුලි ගාස්තු වැඩිවීම නිසා තමන් ද අපහසුතාවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ අතර ඕනෑම මැතිවරණයක් සඳහා සිය පක්ෂ​ය සූදානමින් සිටින බවත් එය ජය ගැනීමටද හැකියාව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.2019 වසරේ පැවැති සිය පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය හා සම්බන්ධ විදුලි බිලක් වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත අය විය යුතු රුපියල් ලක්ෂ විසි හයක මුදල පසුගිය දා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා විසින් ගෙවා දැමීම ද බොහෝ දෙනකු ගේ විශේෂ අවධානයට ලක් විය.

කාලීන පුවත්