විදුලි බිල වැඩි කරන්න එන කැබිනට් යෝජනා අපි ගණන් ගන්නේ නෑ

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට(02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති මුත් මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ද සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම් යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන මුත් එය නීති විරෝධී බවත් කොළඹදී අද (1) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වරයා පැවසීය.

කාලීන පුවත්