ලංකා විදුලිබල මණ්ඩලය මෙම 2024 වසරේ ජනවාරි මාසයේ රුපියල් බිලියන 20ක ලාභයක් උපයා ඇති බවත් පසුගිය 2023 වසරේ බිලියන 48ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලංකා බැංකුව සහ මහජන බැංකුවට බිලියන 110ක පොළියක් ගෙවා ඇති බවත් අනිසි වියදම්, ක්ෂවීම් සහ ලාභය බිලියන 150 ඉක්මවා ඇති බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.
රටේ විදුලි ජනන වියදම වැඩිකර පෙන්වා බිලියන 100ක් පමණ සඟවා ඇති බවත් එහෙයින් නිවැරදිව ගණනය කළහොත් පාරිභෝගික ජනතාවගේ විදුලි බිල සියයට 35%කින් පමණ අඩු විය යුතු බවද ජනක රත්නායක සදහන් කරයි.