ජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති පසුබිමක විදුලි බිල 35%කින් පහළ දැමීමට හැකියාව තිබියදී ඒ සඳහා යෝජනා ඉදිරිපත් නොකිරීම ඇතුලු තවත් කරුණු ගණනාවක් මුල් කරගෙන මහජන උපයෝගීතා කොමිසමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය විසිනි.