විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන අඟහරුවාදා නිමයි

මේ වන විට රට තුළ උද්ගත වී ඇති විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන අඟහරුවාදා පමණ වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (9) පැවසීය.ඒ බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවේදී ය.මේ වන විට රට තුළ ඛනිජ තෙල් මෙට්‍රික් ටොන් 20,000 ක සංචිතයක් ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 32,000 ක නැවකින් ගොඩබාමින් සිටින බව කී අමාත්‍ය ලොකුගේ මහතා කීය.ඒ අනුව ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වන විට ඉන්ධන පිරවුම්හල්වල වාහන තදබදය ද නැතිවනු ඇතැයි කී අමාත්‍ය ලොකුගේ මහතා මේ මස 5 වැනිදා සිට විදුලි කප්පාදුව නවතා ඇතත් සමහර ස්ථානවල පමණක් විසන්ධි කිරීම් ඇති බවත් කීය. අමාත්‍ය ලොකුගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ බලාගාර පවත්වාගෙන යෑමට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් දැනටමත් ලබා දී ඇති නිසා විදුලිය කැපීම ක්‍රමානුකූලව අවසන් කිරීමට ඉදිරි දින කිහිපය තුළ හැකි වන බවකි.

කාලීන පුවත්