විදුලි සැපයුම් පද්ධතියේ හට ගත් අසමතුලිතතාවක් නිසා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම මේ වන විට යථා තත්වයට පත් කොට තිබේ.ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් මීට හේතු වූ බව පැවසෙයි.මේ අතර ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ විදුලි බල ඇමති කුමාර ජයකොඩි මහතා ප්රකාශ කොට ඇත්තේ ඒ සඳහා ග්රිඩ් උපපොළේ විදුලි ට්රාන්ස්ෆෝමරයක වඳුරකු ගැටීම හේතු වූ බවකි.