විදුහල්පති සේවයේ පවතින ගැටලු පිළිබඳ අගමැතිනියගේ අවධානය

විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

විදුහල්පති සේවයේ පවතින ගැටලු පිළිබඳ අග්‍රාමාත්‍යවරිය සමග කරුණු සාකච්ඡා කළ විදුහල්පති සේවා සංගම් නියෝජිතයින් මෙතෙක් නොවිසදුණු ගැටලු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමුකරනලදි.

විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක මහතා ඇතුලු පිරිසක් මීට එක්ව සිටියේය.

කාලීන පුවත්