මේ වන විට විදෙස්ගතව සිටින ප්රබල අපරාධකරුවන් 65 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ජනාධිපතිවරයා සඳහන් කළේ, අපරාධ මර්දන පියවරක් ලෙස හඳුනා ගත් බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවකි.එලෙස අනුයුක්ත කෙරෙන විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මාස තුනෙන් තුනට වෙනස් කරන බව ද ජනාධිපතිවරයා ප්රකාශ කළ අතර ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ (21) රාත්රීයේ සිරස ටීවී ඔස්සේ විකාශය වූ සටන විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.