විදෙස්ගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට තමන් සිටින රටේ තානාපති කාර්යාලය හරහා උප්පැන්න විවාහ සහ මරණ සහතික පිටපත් ලබාගැනීමේ ඊ බී එම් ඩී සේවාව නිල වශයෙන් ආරම්භ කර තිබේ.
නව සේවාව ආරම්භ කිරීමේ උත්සවය සඳහා රටවල් 7ක තානාපති කාර්යාල සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට සහතික පිටපත් ලබා දීම සිදු කෙරුණි.
ජනාධිපති කාර්යාලයේ මග පෙන්වීම යටතේ රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තෙම්න්තුවේ දත්ත පද්ධතිය සමග සම්බන්ධ වෙමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙයි.
නව වැඩපිලිවෙල අරඹමින් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ වත්මන් රජයේ ප්රමුඛ වැඩපිලිවෙලක් වන ඩිජිටල්කරණයේ පළමු ව්‍යාපෘතිය මෙය බවයි.