ලබන මාර්තු 01 වනදා සිට විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් සඳහා පීසීආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.. පූර්ණ එන්නත්කරණයට ලක්වී සති දෙකක් සම්පූර්ණ කළ පුද්ගලයන්ට එලෙස එම වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙයි.මේ අතර වයස අවුරුදු 08 ට හෝ ඊට අඩු දරුවන් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇත්නම් ඔවුන් ද පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් සේ සලකන බවත් වයස අවුරුදු 12 හෝ ඊට වැඩි පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ සියළුම පුද්ගලයින් මෙරට පැමිණීමේදී තවදුරටත් පැය 72 ක් තුළ ලබගත් පීසීආර් වාර්තා ඉදිරිපත් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වෙයි.