විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය සියයට 7.9ක සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පැවති ඇමෙරිකානු ඩොලර් බිලියන 5,994ක නිල සංචිත ඔක්තෝබර් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6,467ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසින්.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

කාලීන පුවත්