මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින් ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුව ඩොලර් මගින් ගෙවීමේ පහසුකම් ලබා දීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ඒ රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගත් බව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.එය පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ කිරීමට නියමිතයි.