විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව, සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

කොන්සියුලර් අංශය මෙතෙක් විවෘත කෙරුණේ සඳුදා බදාදා සහ සිකුරාදා යන දින තුනේ පමණි.

ජනතාවගේ පහසුව සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කාලීන පුවත්