විනෝද සමයේ ඇල්ෆ්‍රඩ් පෙරේරා සදහටම සමුගනියි

ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය “විනෝද සමය” වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් ඒ මහතා දීර්ඝ කාලයක් කටයුතු කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථන හා භාෂා පරිවර්තකයකු වශයෙන් ද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ.ඔහු කලක් පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන්විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කළේය.ගුවන් විදුලි මාධ්‍යයට අමතරව රංගනය කෙරෙහි ද විශේෂ ප්‍රතිභාවක් පළ කළ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර ටෙලි නාට්‍ය කිහිපයකද රඟපෑවේය. අද(20) පස්වරුවේ දළුගම පිහිටි පෙරේරා මහතාගේ නිවසේ දී මිය යන විට ඔහු අනූ තුන් වන වියේ පසුවිය. අවසන් ගෞරවය සඳහා දේහය මාකොළ සුප්‍රීම් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබෙනු ඇත. අවමගුල් කටයුතු 22 වන අඟහරුවාදා සවස තුනයි තිහට දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරේ

කාලීන පුවත්