විපක්ෂයට කැබිනට් ඇමති කම් ලබා දීමේ ජනපති යෝජනාව විපක්ෂය ඉවත හෙළයි

පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට කැබිනට් ඇමති ධුර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යෝජනාව විපක්ෂයේ සියළුම දේශපාලන පක්ෂ විසින් මේ වන විට ප්‍රතික්ෂේප කොට තිබේ.ඒ සම්බන්ධයෙන් එම දේශපාලන පක්ෂ වල පොදු මතය වී ඇත්තේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් කිසිසේත් සාධනීය විසඳුමක් නොවන එය වත්මන් ජනාධිපති වරයා තව දුරටත් බලයේ රැඳී සිටීමට යොදන කූටෝපායක් පමණක් බව ය,මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සහ රජයේ කටයුතු ස්ථාවරව පවත්වාගෙන සඳහා කැබිනට් ඇමතිවරු සිවුදෙනෙක් පමණක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් සඳුදා (04) පත්කරනු ලැබූහ.කෙසේ වුවද මුදල් ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දී පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ද ආණ්ඩුවේ මන්ත්‍රී වරුන් අතුරින්ම පත් කිරීමට සිදු වනු ඇත.මෙය වත්මන් රජයේ ඉතිරි පැවැත්ම සම්බන්ධයෙන් කෙසේවත් හිතකර නොවන බව දේශපාලන විචාරකයන්ගේ පොදු අදහස වී තිබේ

කාලීන පුවත්