විභාග සමයේ දිගටම විදුලිය දෙන්න මුදල් සොයාගැනීම අභියෝගයක්

උසස් පෙළ සිසුන්ගේ විභාගය අවසන් වන තුරු අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිසම පවසා සිටියත් ඒ සඳහා අවශ්‍ය  මුදල් සම්පාදනය කර ගැනීමේ දැඩි මුල්‍ය අර්බුදයක ලංකා විදුලිබල මණ්ඩලය පසුවන බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් බිලියන 4.1ක මුදලක් විභාගය ආරම්භ වූ දින සිට අවසන් වන දින දක්වා අමතරව ලංකා විදුලි බල මණ්ඩලයට වැය කිරීමට සිදුවන බවද හෙතෙම කීවේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මානව හිමිකම් කොමිසමට විදුලිය ලබාදීමේ එකඟතාවක් පල කර තිබුණ ද මානව හිමිකම් කොමිසමෙන් තමන්ට මෙතෙක් ලිඛිතව ඒ බව දැනුම් නොදුන් බවද සභාපතිවරයා කීවේය.

කාලීන පුවත්