මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (24) දින රාත්‍රියේ සිට කඩින් කඩ අධික වැසි පතිත වන බව වාර්තා වෙයි.
පවතින අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය (25) දින උදෑසන සිට වාන් දැමිමට පටන්ගෙන ඇති අතර, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටම ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.
පවතින වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා අදුරු කාලගුණ තත්ත්වයක් පවතින අතර, වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.