වියදම් නියාමනයේ ප්‍රායෝගික ගැටලු රැසක් – අතිරේක මැතිවරණ කොමසාරිස්

මැතිවරණ වියදම් නියාමන පනතේ ප්‍රායෝගික භාවිතයේ ගැටලු රාශියක් නිරවුල් කර ගැනීම අවශ්‍ය බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න යෝජනා කරයි.

මැතිවරණ වියදම් නියාමන පනතේ ප්‍රායෝගික භාවිතය සමාලෝචනය කිරීම සහ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා එය වඩා සාර්ථකව යොදාගැනීම සම්බන්ධව කොළඹදී සංවිධානය කළ වැඩසටහනකදී ඔහු මේ බව පවසනලදි.

මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධ ප්‍රධාන බාධක 08ක් පවතින බව ඔහු පවසයි.

අවසරලත් මුදල තීරණය කළ පසු මැතිවරණ ප්‍රචාරණ කාලය පුරාම වියදම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධ අධීක්ෂණය කිරීම විශාල ප්‍රශ්නයක් බවත් අධීක්ෂණයකින් තොරව එය ඉදිරියට යෑමට නොහැකි බව ත් පක්ෂ, කණ්ඩායම් අපේක්ෂකයන් එම වැඩපිළිවෙල ඡන්දයට පෙර ප්‍රසිද්ධ කීරීමෙන් මැතිවරණ වියදම් නියාමන පනතේ වඩා ප්‍රායෝගික කර ගතහැකි බවත් අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් සහ වෘත්තිකයෝ රැසක් සහභාගී වීය.

කාලීන පුවත්