වියළි සිසිල් නත්තල් කාලේ මෙවර වැසි සහ සුළං ඇයි?

සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වියළි සිසිල් කාලගුණික තත්වයක් බලපාන නත්තල් සමය තුළ මෙවර බලපා ඇති වැසි සහිත තත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනුයේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට පවතින අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, එය 24 සහ 25 දිනවල ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ද ඇති බවකි.  ඒ හේතුවෙන් එම දිනවල බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.  එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දීමක් කරයි.

කාලීන පුවත්