විරෝධතා පාගමනට කඳුළු ගෑස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව අද(30)පැවැත්වූ විරෝධතා පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් ඇරඹූ විරෝධතා පා ගමන ටෙක්නිකල් මංසන්ධියේ දී විසුරුවා හැරීම සඳහා ඒ ආසන්නයේ පොලීසිය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබුණත් විරෝධතාකරුවන් ගමන් මග වෙනස් කරමින් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර, ඉන්පසු ආරක්ෂක අංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ දී කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට ක්‍රියා කළහ.

කාලීන පුවත්