විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වු ප්‍රතිලාභ තවදුරටත් පුඑල් කිරීමේ අරමුණින් ඉකුත්දා නිකුත් කල චක්‍රලේඛය අත්හිටුවේ. එම චක්‍රලේඛය 2016 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන් මෙන්ම වයස 70 ට වැඩි විශ්‍රාමිකයන් සඳහා විශේෂ සහන ලබාදීමේ අරමුණින් නිකුත් කළ එකක් බව රාජ්‍ය සේවා අමාත්‍යාංයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පවසයි. එහෙත් දැනට මේ පිළිබඳූව මතුවී ඇති විරෝධතා පිළිබඳව සලකා බලා අදාල සියලු පාර්ශවයන් සමග යළි සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා තෙක් අදාල චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිට වූ බව ඔහු සඳහන් කරයි.නමුදු කිනම් හෝ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමේ දී ඒ සම්බන්ධ ප්‍රතිලාභීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ එකඟතාව ලබා ගැනීම යන කරුණු ඉතා වැදගත් බැවින් විවිධ පාර්ශවයන්ගෙන් ඊට විරෝධතා එල්ල විය.