විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් විශාල පක්ෂ සංඛ්‍යාවක් සහිත විශාලතම සන්ධානය ගොඩ නඟනවා

විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් සහ විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කර විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩ නගන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නව සන්ධානය ‍‍ගොඩනැගීම වෙනුවෙන් ජා ඇල නගරයේ පැවති පළමු ජනරැළිය අමතමිනි.ජා ඇල ආසනයෙන් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙළ රට පුරා ආසන 160 ක් පුරා ගෙනයමින් ජනතාව දැනුවත් කිරීමට සූදානම් කර ඇති බවත් මෙය මෙවර මෙරට බිහිවන දැවැන්තම දේශපාලන සන්ධානය වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කාලීන පුවත්