වී අලෙවි මණ්ඩලයෙන් ජනතාවට වඩාත් විධිමත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම පිණිස1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.වී අලෙවි මණ්ඩල පනත පැනවූ 1971 වසරේ සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති නමුත් ඊට කිසිදු සංශෝධනයක් සිදු කොට නැත.රජය මඟින් පසුගිය කාලයේ වී සඳහා සහතික මිලක් නියම කළ ද කිසිදු ගොවියෙකු මේ දක්වා වී අලෙවි මණ්ඩලය වෙත වී ලබා නොදීම මත මෙම පියවර ගෙන ඇති බව දැන ගන්නට තිබේ.දැනට ගැටළුවක් වශයෙන් හඳුනාගෙන ඇති විවිධ පාර්ශවයන් විසින් අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස් කිරීම සහ ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා පනතේ අදාළ විධිවිධාන කඩිනමින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.