වී අළෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ලබා ගත් වී වලට මුදල් දී නැද්ද?

වී අළෙවි මණ්ඩලය මගින් ගොවීන්ගෙන් දැනට මිලදී ගෙන ඇති වී තොග සදහා සම්පූර්ණ ගෙවීම් මෙතෙක් සිදු කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.ඒ අතරේ ගොවීන් වී අළෙවි මණ්ඩලය වෙත වී ගෙන ඒම අධෛර්්‍යමත් වන ආකාරයෙන් ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවත් මෙම තත්ත්වයෙන් ප්‍රයෝජනය ගනිමින් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් අඩු මිලකට වී මිලදි ගැනීම සදහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවට ඔහු රජයට චෝදනා කරයි.නමුත් වී අලෙවි මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කරනුයේ මේ වන විට මණ්ඩලය වී සඳහා රුපියල් 130ක උපරිම මිලක් ලබා දීම සම්බන්ධයෙන් නොසතුටට පත් සහල් මෝල් කරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයන් වී අලෙවි මණ්ඩලය සමඟ ජනතාව අතර පවතින සහයෝගීතාව පළුදු කරන ප්‍රකාශ නිකුත් කරන බවකි.ඒ අනුව මෝල් කරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයන් මේ වන විට ද ඇතැම් ප්‍රදේශ වල ගොවීන්ගෙන් ඊට අඩු මිලට වී ලබා ගන්නා අතර ඇතැම් දේශපාලන පක්ෂ ද හාල් මෝල් හිමියන්ට අනියමින් වාසි අත් වන ප්‍රකාශ කරන බව ද ඔහු කීය.එමෙන්ම වී අලෙවි මණ්ඩලය වී සඳහා ගොවීන්ට අත්පිට මුදල් ලබා නොදීම මණ්ඩලය නිරතුරුවම අනුගමනය කරන ප්‍රතිපත්තියක් වුවත් එම මුදල් හැකිතාක් ඉක්මනින් ගොවීන් අතට එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නා වී සඳහා මුදල් ගෙවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් නැඟෙන චෝදනාවට පිළිතුරු වශයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ වී අළෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිලදී ගෙන ඇති වී තොග සදහා කළ යුතු සියළුම ගෙවීම් මෙම සතිය ඇතුළත ගෙවා අවසන් කරන බවකි.

කාලීන පුවත්