වී අළෙවි මණ්ඩලය සහල් මිල රුපියල් පහකින් අඩු කරයි වත්මන් සහල් වෙළෙඳ පල ඒකාධිකාරිය බිඳ පාලන මිලක් යටතේ පාරිභෝගිකයින්ට වී අළෙවි මණ්ඩලය හරහා සහල් අළෙවි කිරීමට කටයුතු කරන බවත් අද්(16) සිට කි‍්‍රයාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක මිල අඩුකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ අනුව රුපියල් 210 ක්ව පැවති සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 205 ක් දක්වා අඩුකර ඇති අතර මෙතෙක් රුපියල් 220 ක්ව පැවති සුදු සහ රතු නාඩු කිලෝවක් හෙට සිට රුපියල් 215 කට අළෙවි කෙරෙනු ඇත.එමෙන්ම රුපියල් 230 කට අළෙවි වූ සම්බා කිලෝවක මිල 225 දක්වා අඩුකර ඇති අතර රුපියල් 250 කට අළෙවි වූ කීරි සම්බා කිලෝවක් අද සිට අළෙවි වන්නේ රුපියල් 245 කටයි.