වී ඇතුළු අනික් දේවල් ගැන නිවැරදි දත්ත හදන්න සති දෙකක් කල් දෙන්න

වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි ආයතනයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බවත් ඒ හේතුවෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඊට අදාල දත්ත පද්ධතීන් යළි ශක්තිමත්ව ගොඩනැගීමට මේ වනවිටත් පියවර ගෙන අවසන් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.හෝමාගම ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක් වෙමින් ඊයේ(25) ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.“හාල් හිඟයක් තියෙනවද, කොයි කාලෙද එන්නේ, එහෙනම් අපි ඒ හාල් හිඟයට මොකද කරන්නේ, දත්ත මත තමයි පුරෝකථනයන් එන්න ඕනෙ, කිසි දත්තයක් නැති රටක් මේක, ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් නිවැරදි දත්ත පද්ධතියක් හදනවා, මම ඕගොලන්ට කියන්නම් තව සති දෙකක් මට දෙන්න” යනුවෙන් ද ජනපති වරයා කීය.

කාලීන පුවත්