කතාව දෝලාවෙන් ගමන පයින් කියා ජන වහරක් තිබේ.එය මේ වන විට වී අලෙවි මණ්ඩලයට ආදේශ කළ හැකි යැයි සමහරෙක් කියති.එහෙත්, කතාව පමණක් නොව ගමන ද දෝලාවෙන්ම සිදු වන බවක් හැඟවෙන ප්‍රකාශ අලෙවි මණ්ඩලය කරමින් සිටියි.පසුගිය සිකුරාදා වී කිලෝ මෙට්‍රික් ටොන් 330 ක් මිලදී ගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පැවසීම ඊට නිදසුනකි. නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත්, කිීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටත් මිලට ගන්නා බව වී අලෙවි මණ්ඩලය කියයි.මෙවර යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම මණ්ඩලය ආරම්භ කළේ පසුගිය බදාදා ය.
දැනට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක හා අස්වනු නෙලමින් පවතින දිස්ත්‍රික්ක කිහිපයක වී මිලදී ගැනීම සදහා මණ්ඩලය ගබඩා 55 ක් විවෘත කර තිබේ. එම ගබඩා සංඛ්‍යාව තවදුරටත් ඉහල නංවන්නැයි ඇමති මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ. ඒ අනුව වී අස්වනු නෙලන ප්‍රදේශ අනුව ගබඩා විවෘත කර තැබිම ක්‍රමානුකුලව පුඵල් කරන බව මණ්ඩලයේ සභාපතිවරයා කියයි. යල කන්නයේ වී මිලදී ගැනීම සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 200 කි. “පී එම් බී රයිස්” සන්නාමය යටතේ සහල් නිෂ්පාදනය ද ඉදිරි කාලයේ පුඵල් කිරීමට මණ්ඩලය සැලසුම් කර තිබේ. එහෙත්, ඇතැම් ගොවි සංවිධාන පෙන්වා දී ඇත්තේ දැනට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන මුදල සා සසඳා බලන විට මණ්ඩලය අඩුම තරමින් වී කිලෝව රුපියල් 150කට වත් මිලට ගත යුතු බවකි.වර්තමානයේ තත්වය එසේ වුවත් 2018 වසරේ අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලට ගෙන ඇත්තේ නාඩු වී කිලෝවක් රු.38 ක් සහ සම්බා වී කිලෝවක් රු.41ක් වශයෙන් වන සහතික මිලකට ය.
ඒ එවක සහල් කිලෝවක සාමාන්‍ය මුල රුපියල් 100ක් ව පැවැති පසුබිමක ය.නමුදු ඒ කාලයේ පෞද්ගලික ගැනුම් කරුවන් වී කිලෝව සඳහා වැඩිපුර රුපියල් දහයක් දුන් බව ද ගොවීහු පවසති.නමුදු වී අලෙවි මණ්ඩලය වී මිල 2018 වසර ට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ නංවා ඇති පසුබිමක ගොවීන්ට ඒ අමතර රුපියල් දහයේ වාසිය වත් ලබා දෙන්නට පෞද්ගලික වෙළඳුන් මෙතෙක් ඉදිරිපත් ව ඇති බවක් පෙනෙන්නට නැත. මෙවර සමස්ත වී අස්වැන්නම මිලට ගැනීමට අවශ්‍ය මුදල් හෝ ගබඩා පහසුකම් රජය සතුව නැත.ඒ අනුව තම වී අස්වැන්නෙන් කොටසක් හෝ පෞද්ගලික ගොවීන්ට අලෙවි කිරීමට ගොවීන්ට සිදුවෙයි.
නමුදු අද වන විට එලෙස වැඩිපුර කීයක් හෝ ගොවීන්ට දී වී මිලදී ගැනීමට පෞද්ගලික ගැනුම් කරුවන් යුහුසුළු නොවනුයේ වී අලෙවි මණ්ඩලය නාඩු වී කිලෝවක් සඳහා ගෙවන රුපියල් 120 , සම්බා වී කිලෝවක් සඳහා ගෙවන රුපියල් 125 සහ කිීරි සම්බා වී කිලෝවක් සඳහා ගෙවන රුපියල් 130 මිලට ගෙවීමෙන් තම ව්‍යාපාරික ලාභය අඩු වන නිසා ද විය හැක.නමුදු ආණ්ඩුවේම ඇතැම් දේශපාලනඥයන්ගේ සිට විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් මෙම රුපියල් එකසිය පනහට වී මිල දී ගැනීමේ වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් සෙවීමේ අවසානය කුමක් විය හැකිද? එය බොහෝ විය වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම් නිමා කළ විට ඉදිරි වී ටික කුණු කොල්ලයට මහා පරිමාන සහල් මෝල් හිමියන් අතට පත්වීමම විය හැකිය.
හේමන්ත රන්බණ්ඩාර