වී කිලෝ එක 102ට ගත්ත කියලා පන්දාහෙ කොළ කන්න ද? මැල්ලුම් හදන්නද? හොදි හදන්නද? කන්න තියෙන්නෙ බත්.අනුර කුමාර දිසානායක අරාබියේ ප්‍රධානම තෙල් අපනයන කරුවන් වූ සවුදි අරාබියේ 2021 තෙල් වලින් උපයලා තියෙන්නෙ ඩොලර් බිලියන 113 යි. හැබැයි ඉන්දියාව අයි ටී වලින් හොයල තියෙනවා ඩොලර් බිලියන 133ක්. ඒ කියන්නෙ අද තෙල් වලට වඩා වටින්නෙ ඔවුන්ගේ දැනුම.
දැනුම නිෂ්පාදනය කරන්න ගොඩක් අමුද්‍රව්‍ය ඕනෙ නෑ. ඒ සම්බන්ධ මෘදුකාංග වෙළඳ පොළේ ලොකු දැනුමක් අත්පත් කර ගන්නවා. අපේ දිගුකාලීන සැලැස්මක් තියෙනවා;අඩුම තරමෙ ලොකේ මෘදුකාංග වෙළඳ පොළේ ලොකේ ඩොලර් බිලියන 15 වක ආර්ථිකයක් අල්ල ගන්න. එතකොට අපිට මේකෙන් යන්න පුළුවන්. දිගුකාලීන සැලැස්මක්.
අපේ රටේ තේ ගත්තොත් 25%ක් විතර වැලිව් ඇඩඩ්(විවිධ තේ නිෂ්පාදන වශයෙන්) කරලා යන්නෙ. ආර්ථික ප්‍රමේයක්. අපිට 75%ක් විතර තියෙනවා බල්ග්. අපිට කොහොමද මේක වැලිව් ඇඩඩ් කරල යන්න පටන් ගන්නෙ. මේක මම කෙටියෙන් කියන්න උත්සාහ කරන්නෙ. එවැනි ක්‍ෂේත්‍ර ගැන අපි කල්පනා කරල තියෙනවා. ඒ නිසා අපිට සැලසුම් දෙකක් තියෙනවා.
එකක් රටක් හැටියට ජාතික වශයෙන් මුහුණ දීල තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. දෙක ඒකෙන් පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවක් ඉන්නවා නම් අපි කොච්චර ආර්ථිකයෙන් ලොකු පිමි ගැහුවත් වැඩක් නෑ. ජනතාවගෙ ජන ජීවිතය උසස් වෙන්නෙ නැත්නම්. ඊළඟ අපේ ආර්ථික සැලැස්ම තමයි ජනතාවගෙ ජන ජීවිතය උසස් කරන එක.
උදාහරණයක් හැටියට ගත්තොත් ග්‍රාමීය ජනතාව ගත්තොත් අපේ රටේ ග්‍රාමීය නිෂ්පාදනය 5% යි දෙන්නෙ උතුරු මැද පළාතට. හැබැයි අපේ භූමියෙන් දහයෙන් එකක් උතුරු මැද පළාතට. හැබැයි ජාතික ධනය නිෂ්පාදනය වෙන්නෙ 5%යි. බස්නාහිර පළාතට 36% ක් නිෂ්පාදනය.
එතකොට එහෙනම් සංවර්ධනය ඉදිරියට ගලාගෙන ගිහින් තියෙනවා. ආර්ථිකය ගමට තල්ලු කරන්න ඕන ඒ ආර්ථිකයත් එක්ක ජනතාව සම්බන්ධ වෙන්න ඕන. ආර්ථිකයත් එක්ක ජනතාව සම්බන්ධ වුණොත් තමයි ජනතාවට ඒකෙ ප්‍රතිලාභ ලැබෙන්නෙ. එහෙනම් ඒක සම්බන්ධ කරන්න ඕනෙ මොකක් ද? ඒ ජනතාව ඉල්ලන ආර්ථික ප්‍රමේය .
ඒක සංවර්ධනය වෙන්න ඕන. ඒ ජනතාව කරන්නෙ කෘෂිකර්මාන්තය නම් කෘෂිකර්මාන්තය ලාබදායී ව්‍යාපාරයක් වෙන්නෙ නැතුව පොදු ජනතාවගෙ හීන උසස් වෙන්නෙ නෑ. එහෙම නැතුව අපි මේ කාබනික පොහොර ගෙනැල්ලා වී කිලෝ එක 102ට ගත්ත කියලා කෘෂිකර්මාන්තය දියුණු කරන්නද? පන්දාහෙ කොළ කන්න ද? ප්‍රමාණය විතරයි. මැල්ලුම් හදන්නද? හොඳි හදන්නද? කන්න තියෙන්නෙ බත්.ඒකෙන් ගොවි ජීවිතය උසස් කරන්න බෑ.
අර ඒ වගේ කෘෂිකර්මාන්තය ඒ වගේ අපේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික අද සීමා කම් තියෙනවා. පොඩි දෙක තුනක තමයි ඔවුන් මුලුමනින්ම කැරකෙන්නෙ. අපි අලුත් ආර්ථික ප්‍රමේයන් ගමට ගෙනියන්න ඕන. එතකොට ගමේ ජන ජීවිතය උසස් කරන එකත් රටේ ජාතික වශයෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් දීම තමයි අපේ ආර්ථික සැලැස්ම.
අපේ තියෙනවා ආර්ථික ප්‍රමේයක්. ,මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලැස්මවල් දෙකක්. අපේ ඒ සැලැස්මවල් දෙක මේ අවුරුදෙ මේක මේ අවුරුද්දෙ මේක. මම කියන්නෙ අපි ආණ්ඩුව කියල මේ අවුරුද්දෙ තැන් දහයක් පහලොවක් තෝරගෙන තියෙනව.
ඒ තැන් දහය පහලොව අපි පොරබදල මාසිකව මේක ගොඩදානව.ඒත් ජනාධිපති වරයා හිටපු ගමන් මේ තේ වත්තක් බලන්න යනව හිටපු ගමන් මේ හාල් කඩයක් බලන්න යනව මොකක්ද මේ. එහෙම නෙවේ ප්‍රධාන තැන් ටික මොනවද අපේ රටේ මුහුණ දෙන. ඒ ප්‍රධාන තැන් ටික ආදායම් මාර්ග නම් රේගුව, දේශීය ආදායම්, සුරාබදු දෙපාර්තමේනතුව ඒක තමා රජයේ විශාල ආදායම් හොයන තැන්.
ඒවා කොහොමද කාර්යක්‍ෂම කරන්නෙ. ඒවගෙන් තමා ආදායම් උපයන්නෙ කොහොමද ඒවගෙන් ආදායම් පිටතට ගලාගෙන යන්නෙ කොහොමද? එතන තමා අපේ මර්මස්ථාන. ඊළඟට වරාය, පෙට්ට්‍රෝලියම්, විදුලි බලය, ප්‍රවාහන ඒ සේවාවන් කොහොමද කාර්යක්‍ෂම කරන්නෙ. ඒක එක වැඩක්. ඒ අතර කාට හරි කියන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලියුමක් ගන්න ගියාම ප්‍රමාද වෙනව කියලා ඒක පස්සෙ විසඳමු. ඒක ප්‍රමුඛ එක නෙවේ.
ප්‍රමුඛ එක මොකක්ද දේශීය ආදායම්, රේගුව, සුරාබදු එතන කාර්යක්ෂම කරන එක. මේ පැත්තෙන් පෙට්ට්‍රෝලියම්, විදුලිබල, ප්‍රවාහන සහ වරාය ඒව කාර්යක්‍ෂම කරන්න ඕන. අන්න තැන් වලට ජනාධිපතිවරය එතනට යන්න ඕන. සොයන්න ඕන. කැදවන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. දිනපතා රෑ දවල් තිස්සෙ ඒක කරන්න ඕන.
අන්න එහෙම කළොත් විතරයි අවුරුදු දෙක තුනකින් ප්‍රමාදයක් නැතුව මේ රට ඉදිරියට යන්න පුළුවන්.
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක