වී මිල ඉහළ නැංවීම ගැන සහල් මෝල් හිමියන්ගෙන් ඇමතිට දොස්

වී අලෙවි මණ්ඩලය විසින් නාඩු කිලෝව 120, සම්බා කිලෝවක් 125, කීරි සම්බා කිලෝව 130ටත් මිලට ගතහොත් ඉදිරියේ දී සහල් මිල දෙගුණ වනු ඇති බවක් සහල් මෝල් හිමියෝ සඳහන් කරති.කෘෂිකර්ම අමාත්‍යංශයේ දී කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ හාල් මෝල් හිමියන් සහ අමාත්‍ය මහින්ද ආමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවක දී සහල් මෝල් හිමියන් අමාත්‍යවරයාට සිය නොසතුට පළ කළහ.පෞද්ගලික අංශයට වී මිලට ගන්නේ ඊට වඩා අඩු මිලකට වන අතර මෙහි දී අමාත්‍ය වරයා පවසා ඇත්තේ අන් සියල්ලටම වඩා මෙරට වී ගොවිතැන රැක ගැනීමට නම් ගොවීන් රැක ගත යුතු බවකි.මේ අතර හාල් මෝල් හිමියන්ගේ මෙම ප්‍රකාශය දැනට ගොවීන්ගෙන් අඩු මිලට වී මිල දී ගැනීමට ඔවුනට ඇති හැකියාව අහිමි වීම මත පදනම් වූවක් බව කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.

කාලීන පුවත්