වී මිල පහත වැටේ;මෝල් හිමියන්ගේ”කරල පැහේ”

යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු වලින් වී අළෙවි මණ්ඩලය ඉවත් වීමත් සමඟ වී කිලෝව රුපියල් 100 ත් 110ත් අතර මුදලකට වී මෝල් හිමියන් අතට පත් කිරීමට සිදුව ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.ඔවුන් වැඩි දුරටත් පවසනුයේ මෙම වසර අවසන් වන විට මෙම මිල ගණන් රුපියල් 90 ත් 100ත් අතර මිලක් දක්වා පහත වැටිය හැකි බවකි.එමෙන්ම වී අළෙවි මණ්ඩලය සතුව ප‍්‍රමාණවත් මුදල් නොමැති වීමෙන් පසුගිය යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්ප කුමාර මහතා ද සඳහන් කරයි.ඒ මහතා සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස රාජ්‍ය බැංකුවකින් ඉල්ලා ඇතත් එම මුදල් මෙතෙක් ලැබී නොමැති බවකි.යල කන්නයේ නාඩු වී කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 120 කටත්, සම්බා වී කිලෝග‍්‍රෑමයක් රුපියල් 125 කට සහ කීරී සම්බා වී කිලෝග‍්‍රෑමයක් රුපියල් 130 කට ගොවීන්ගෙන් මිලදී ගැනීමට මීට පෙර මිල නියම කර තිබූ මුත් එම මිල දී ගැනීම් නතර කිරීම මෙම තත්වයට හේතු වී බවටගොවීහු මැසිවිලි නඟති.

කාලීන පුවත්