වී රුපියල් 200 ,250 ට ගත්තත් සහල් පාලන මිල ඉක්මවන්න දෙන්නේ නෑ

වී කිලෝග්‍රෑම් එකක සහතික මිල විය යුත්තේ රුපියල් 117.70ක් වුවත් රජය තවත් රුපියල් දෙකයි ශත තිහකුත් එකතු කර ගොවි ජනතාවට රුපියල් 120ක මිලක් ගොවි ජනතාවට ලබා දී ඇති බවත් යමකු වී කිලෝ එකක් රුපියල් 200 . 250 ට වුණත් මිලට ගැනීමේ ප්‍රශ්නයක් නැතත් රජය මඟින් පනවා ඇති සහල් පාලන මිල ඉක්මවීමට කිසිවකුටත් ඉඩ නොතබන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය දිවයින පුරා වැටලීම් ජාලයක් ක්‍රියාත්මක කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් සිල්ලර සහල් වෙළඳුන් පවසනුයේ පවත්නා තත්වය යටතේ පාලන මිලට සහල් විකිණිය නොහැකි නම් ඒ සඳහා ඇති එකම විකල්පය සහල් වෙළඳාමෙන් ඉවත් වීම බව ය.

කාලීන පුවත්